Search This Blog

Wednesday, December 15, 2010

ඒක පාර්ශවික ප්‍රේමය

ඒක පාර්ශවික ප්‍රේමය
තරුණියක් තරුණයෙකුට හෝ තරුණයෙක් තරුණියකට දක්වන ඒකපාර්ශවික සෙනෙහසේ නැතිනම් ආදරයේ ආකාර දෙකකි.
01. තම ජීවිතයටත් වඩා ආදරය කරයි...ඒ වගේම එවන් වූම සෙනෙහසක් තමන්ටද
ලැබේ යැයි අපේක්ෂා කරයි. එය නොලැබේ නම් සදා දුක් සෝ සුසුම් හෙළයි. නොලැබෙන
සෙනෙහස ලබාගැනීමට තැත් කරමින් එය අසාර්ථක වීමෙන් තවත් දුක් විදී. ඇතැම් විට
සිය දිවි නසා ගනී. නො එසේ නම්, තම...ාට නො‍ලැබේ නම් වෙන කෙනෙකුටවත් අයිති වීමට
ඉඩ නොදී ඇසිඩ් ගසා රූපය විකෘති කරයි. එසේත් නොහැකිනම් මරා දමයි. නැතිනම්
බොරුකතා ගොතා චරිතය ඝාතනය කරයි.
02. තම ජීවිතයටත් වඩා ආදරය කරයි...නමුත් ආපස්සට සිනහවක් වත් අපේක්ෂා නොකරයි.
තමා ආදරය කරන කෙනාගෙන් කිසිවක් අපේක්ෂා නොකර ඒ කෙනා තමාට දහ දුක් දුන්නද
නොවෙනස් ව ඒ සෙනෙහස ආදරය දක්වයි. ඒ ආදරය තමාට නොලැබීම නිසා ඔහුට හෝ ඇයට
කිසිදා වෛර නොකරයි. ආදරය කරන ස...ිතකින් වෛර කිරීමට බැරි බව කල්පනා කරයි.
ආදරය කරන කෙනා ආපස්සට රැව්වත් බැන්නත් නැවත ඒ කෙනා දෙස තරහ සිතෙන් නොබලා
තම ආදරයේ පවිත්‍රතාවය ගැන සිතා සදා කල් සතුටු වේ.
ඇත්තටම ඒක පාර්ශවික ප්‍රේමයේ මෙම ප්‍රභේද දෙකෙන් වඩාත්ම සුන්දර කුමක්ද?
ආදරය යනු වෛරය පලිගැනීම ඉරිසියාවෙන් තොර පූජනීය වූත් පාරිශුද්ධ වූත්
සෙනෙහසක් විය යුතු යි
යන්න මගේ අදහසයි.